Friday, July 5, 2013

කුකුලගේ සිහිනය

   Derana Dream Star  Season 5 එකට දාන්න යන්නේ  කියලා".මුගේ කතාව උගේ ශ්‍රී මුඛයෙන් පිට උන ගමන්ම මෙන්න කුකුළා වටේට කෙල්ලෝ පිරිලා ,අත්සන් ගන්නවා.අපිට පිස්සු වගේ..හි හිහිහි.හිතා ගන්නිලකෝ කුකුළා Dream Star උනාම කොහොම වෙයි ද කියලා..
           කුකුළා කියන්නේ ,දක්ෂතා වලින් පිරුණු සැබෑ දක්ෂයෙක්නේ.කුකුළා ට උගේ දක්ෂතා මුළු රටටම පෙන්නන්න හිතිලද කොහේදෝ..මෙන්න මු අපිට දවසක් මෙහෙම කතාවක් කිවා."මචං මං
             මෙන්න අපේ සැට් එකේ කොල්ලෙකුට දුක හිතුනා.මු දුකෙන් වගේ ඇහුවා 'ඇයි බන් උබ ඕකට දාන්න යන්නේ කියලා'. මෙන්න කුකුළා කියන්න පටන් ගත්තනේ ජාතකෙම.කනේ ඇගිලි ගහගෙන අපිත් අහගෙන ඉන්නවා.මොක උනත් මු  අනාගතේ ජනප්‍රිය තරුවක් නොවැ..
             මෙන්න මේ කතාව අහපල්ලකෝ.කුකුළා ගැන ආඩම්බරයකුත් ඇති වෙනවා.මොකද ඌ මේ වැඩේට බහින්නේ උගේ අයිය කෙනෙක් හින්ද..කුකුලගේ අයිය කෙනෙක්  Derana Dream Star  Season 4 එකේ අන්තිම සැට් එකටම තේරුනා ලු.(අපිටත් ආඩම්බරේ  බැ). ඒ උනාට මුගේ අයිය කාරයා කුකුළා එපා කියද්දී මෝඩ වැඩක් කරන්න ගිහින් කෙල උනාලු.කුකුලට හොදටම අප්සැට්.අපිටත් එහෙමයි.මොනවා උනත් කුකුළා සංගීත විශාරදනේ.පොඩ්ඩක් උගේ අයියට අහන්න තිබ්බනේ කුකුළා කියපු දේ.මුගේ අයිය කොහේටවත් නැති වෙලාවක විසිල් ගන්න ගිහින් සින්දුව කියලා ඉවර වෙලා.එක හින්ද තමා කෙල උනේ කියලා කුකුළා විසිල් එකක් ගහන ගමන්ම අපිට කිව්වා.(කනට ලෝ දිය දානවා වගේ මු විසිල් ගහද්දි ) .ඔන්න ඕකයි කතාව මු Season 5 ත යන්න.
                 මේ කතාව අහපු  ගමන අපිටත් ඇඩුනා.මොකද දන්නවා ද?.මු ගියොත් කොහොම විසිල්  ගහයිද කියලා මතක් වෙද්දී.කොහොම උනත් කුකුළා ගියොත් ඌ අනිවා ජනප්‍රිය වෙනවා.ඌ තමා Dream Star වෙන්නේ කියලා.මොකද කුකුළාගේ කෙකෙර voice එකට  ගහන්න ලේසි වෙන්නේ නැති හින්ද......කුකුළෝ..මෙන්න අපෙමුත් සුබ පැතුම්....









Read More

Friday, December 14, 2012

සුද්දියි කුකුළයි

               ගෙවුන සති 2 එපාම කරපු කාලයක් වුනේ EXAM නිසා.. ලේසිද? මගුලක් කතා කරනවා... කොච්චර ලේසිද කියනවනම් ආසාවට ඊළඟ අවුරුද්දටත් ටිකක් ඉතුරු කරගත්ත. නැත්තන් බැරි කමකටම නෙවෙයි... ඉතින් exam එහෙම ඉවර වෙලා අපි ගියා යාලුවෙකුගේ ගෙවල් පැත්තේ.. 11ක් විතර කට්ටිය... ඉතින් කුකුලත් ගිය කියල අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ? ඉතින් පැය 2ක් විතර බස් එකේ යනකොට එනකොට ආතල් සිදුවීම් ටිකක් වුනා. මේක එයින් එක සිදුවීමක් පමණි ඈ.. 
                      මේක වුනේ අපි යාලුවගෙ ගෙදරින් සමු අරන් ආපහු නුවර එන අතරේ. බස් එකේ ටිකක් සෙනග. ඉතින් මටයි, තව 3,4 දෙනෙකුටයි ඉස්සරහට යන්ඩ වුණා. අකමැතිම වැඩේ වුනාට කොන්ද කිව්වම යන්ඩත් එපාය, කුකුළයි අපේ තව 2,3 දෙනෙකුයි පිටිපස්සේ දොර ළඟ. දැන් ලංකාවට එන සුද්දෝ අපිටත් වැඩිය හිගන්නොනේ අප්පා.. උන් යන්නෙත් සාමාන්‍ය ගාස්තු.. ඉතින් ඔය බස් එකේ සුද්දෝ සුද්දියෝ සෙට් එකකුත් ගියා, එක සුද්දියෙක් පිටිපස්සේ දොරේ එල්ලිලා එක විකාරයයි. තව සුද්දෝ ටිකක් එතන සීට් එකක. ඒකිගේ සුද්දා(කසාද සහතික බැලුවේ නම් නෑ) නම් ඇල්වතුරත්  නිවල බොන ටයිප්. බස් එකේ මැද සීට් එකක  පාඩුවේ අවට සිරි නරඹමින් තමා පොර ගියේ. කොන්දත් අපිට සද්දේ දැම්මට මොකද සුද්දිට වචනයක් කිව්වේ නෑ .. ඇයි යකෝ කෙටුවනම් ඌ අනාතයිනේ. A9 පාරේ අධි වේගයෙන් ගමන් කරන බස් රථයේ  ෆුට් බෝඩ් එකේ සංවර ඇදුමින් සැරසුණ සුද්දියෙක්... ඉතින් ඉතුරු ටික මවාගනිල්ලා ... සදාචාරයට පටහැනිද මන්ද...  කුකුලගේ ජන්ම ගති මතුවුනේ ඔය වෙලාවේදී තමා. ඌ සුද්දිගේ මූනට අඟල් 10ක් විතර දුර ඉදන් උගේ අර පැණි බේරෙන කිරි සිනාව දැම්මලු. (දන්නෝ දනිති අඩ සදේ සිනාවේ ලස්සන..) ඒ හිනාවේ ආකර්ශණීය බව කොච්චරද කියනවනම් මෙච්චර වෙලා ෆුල් ආතල් එකේ නොමේරු ළදරු වැඩ කර කර දොරේ හිටපු සුද්දී බය උන තරම.... ඒකිගේ යාලුවෝ හිටපු තැනට ගිහින් ඉදගත්තා. ඒ මදිවට අපූරුවට ඉදගෙන හිටපු සුද්දවත් නැගිට්ටවලා ලඟට ගෙන්න ගත්තා. නුවරට එනකන්ම සුද්දට ලගින් හෙලවෙන්ඩ දුන්නේ නෑ. ඉතින් බලපල්ලකෝ... සුද්දියොත් කුකුළට ඔහොම බය වෙනවනම් දේශීය කෙල්ලන් ගැන කුමන කතාද?....
                 
Read More

Wednesday, November 14, 2012

ඇන්ඩ්රොයිඩ් කුකුළා

          මොනවා උනත් කුකුළා ඉතින් ඉගෙන ගන්ඩ දක්ෂ කොල්ලනෙ, ඇත්ත වශයෙන්ම ඌට ඉගෙන ගැනීම කොහොම උනත් අනන් මනං course කිරීම පිලිබදව උණක් තියෙනවද කියලත් හිතෙනවා, මොකද ඕක කතා කරන්නේ  ජාවා ,php, .net, c++ වගේ බසාවල් මිසක් සිංහල බාසාව නෙවෙයිනේ, ඔය කිව්ව ඒවාට අලුතින්ම එකතු වෙච්ච දේ තමා ඇන්ඩ්රොයිඩ්... දැන් මාස 2ක් විතර මූ උදේ හවස අපිට වද දුන්නේ ඌ අලුතින්ම යන්ඩ ලෑස්ති වෙන ඇන්ඩ්රොයිඩ් class එක ගැන තමා, හැමදාම මේ මගුල ගැනම කියවනකොට අහලම අපිට එපා වුනේ එහෙම නැල්ලු, කොහොම හරි අපේ දැඩි විරෝධය නොතකා ඌ තම නවතම ව්‍යාපෘතියේ update එක හැමදාම තිතට දුන්නා.
            ඔන්න class එක පටන් ගන්න කලින් ඒ ගැන හදුන්වාදීමක් තිබිල කුකුළාත් ඕකට සහභාගී වෙලා ආවා, "මචන්, ඒකට එන්නේ ඔක්කොම ඉන්ජිනියර්සලා , ඩිවලොපර්ස්ල වගේ පොරවල්ලා බන්, මම විතරයි තාම ඉගෙන ගන්න එකෙකුට ඉන්නේ." ඔන්න ඔහොමයි මේකා චරිත සහතිකේ ලිව්වේ, එහෙනං ඉතින් ඉදල ඉවරයි, ඊලග සතිය වනවිට කුකුළා course එකට සල්ලිත් ගෙවලා, මුට සම්පූර්ණ ගානම එක සැරේ ගෙව්වට ඩොන්ගල් එකකුත් දීලා. සල්ලි වැඩිනම්අරන් දීපන්කො අපිට පැටිස් එකක්, පුණ්‍ය කර්මයක්නේ අප්පා, අපිට කොහෙන්ද පූසෝ මාළු අපි යනවය මුහුදු කිව්වලු, ඉතින් ඔය ඩොන්ගල් එකක් හම්බුනා කිව්වනේ, අන්තිමේට ඒක පන්තියේම කෙල්ලෙකුට සහන මිලට ලබා දීලා කුකුළා සැදී පැහැදී බලාගෙන හිටියේ  ඊලග සතියේ ඉදන් මේ class එකට යන්ඩ.
           දහසක් කරදර හිරිහැර බාධා මැද්දෙන් තවත් සතියක් ගෙවී ගියා, අපි හිතුව කිව්වා වගේම කුකුළා සෙනසුරාදා class යන්ඩ ඇති කියලා, එක නිසා සදුදා අපි ආවේ කන් දෙක පිරෙන්ඩම ඇන්ඩ්රොයිඩ් තාක්‍ෂණේ ගැන අහන්ඩ බලාගෙනයි, ම්හු.... සද්ද නෑ, මේ මොකද යකෝ මේ? class එකේ sir මුගේ sound drivers uninstall කොරලවත්ද? "කුකුළා, කොහොමද class එක?" බැරිම තැන අපි එහෙම අහන්ඩ තරම් අසරණ වුණා, "තිබ්බේ නෑ බන්, තාම කට්ටිය මදිලු" උත්තරේ කෙටියි, ඒ සතියත් නිම උනා, ඊලග සතිය ආරම්භයේදීත් අපි කුකුලගෙන් අර ප්‍රශ්නේ ඇහුවා, "මේ සතියෙත් නෑ බන් 6ක් වත් ඉන්ඩ ඕනලු පටන් ගන්ඩ" ඌ කිව්වා, "ඇයි යකෝ, උඹ කිව්වේ ඉන්ජිනියර්සලා , ඩිවලොපර්ස්ලා හිටන් ඕකට එනවා කියලානේ? දැන් අපතයෝ 6ක් වත් නැද්ද?" මොකෙක්දෝ කට කහන එකෙක් එහෙම ඇහුවා. "එදා උන් හිටිය බන්, දැන් කට්ටිය මදි " ඉතින් එතැන් සිට කුකුළගේ ඇන්ඩ්රොයිඩ් class එක අපේ බයිට් එක උනා. ඊළග සතියෙත් class නැති වෙනකොට නම් කුකුළට මල පැන්නා, සාධාරණ මලක් නිසා අපිත් උට හැකි උපරිමෙන් විදේශ ආධාර ලබා දුන්නා කැත නැතුවම.
         කුකුළා class එකේ sirට කතා කරාම පොරත් කිව්වලු වැඩේ හරියන්නේ නෑ, සල්ලි අපහු දෙනවා කියලා, ඉතින් කුකුළා ඇහුවලු ඩොන්ගල් එකේ ගාන අඩුකරගන්නවද කියල, පොර කිව්වලු ඒ පාඩුව ඌ විඳගන්නවා කියල, ඌට මාර භක්තියක් ඇති උනේ sir ගැන, දැන් කුකුළට මාර happy, ඇයි යකෝ? ගෙව්ව ගානත් ලැබෙනවා, එතකොට ඩොන්ගල් එක විකුණලා ගත්ත සල්ලිත් එක්ක මුට පාඩුවක් වුනේ නෑනේ, ලාබයක්නේ, ඉතින් අපිත් මේ පිලිබදව අපේ හද පතුලෙන් අපු සන්තෝසේ වැඩි කමට කැත නැතුව පාටියක් ඉල්ලුවා, කුකුළා එකෙන්ම කැමති උනා, ඉතින් නියමිත දිනයේ උදේ පාන්දර 10ට විතර කුකුළා සන්තෝසේ කරමලේ පුරාම ගාගෙන ගියා සල්ලි ඉල්ලන් එන්න, ඉතින් පැයකට විතර පස්සේ එනකොට නම් එච්චර සන්තෝසයක් නෑ වාගේ, "වැඩක් නෑ මචන්, ඩොන්ගල් එකට ගාන කපගෙනම තමා සල්ලි දුන්නේ" ලාබ ලබන ව්‍යාපාරේට කෙල වෙලා, ඇඩෙනවා......
       

Read More

Thursday, October 25, 2012

කුකුළා සහ "කෑල්ල"

             කුකුළා කියන්නේ මාර ප්‍රයෝජනවත් සතෙක්නේ. මස් , බිත්තර , පොහොර මදිවට තටු ටිකත් ගන්නවනේ තොප්පි සරසන්ඩ. ඇයි යකෝ, තව ඌ එලාම් ඔරලෝසුවක් වශයෙනුත් වැදගත් නේ. ඒ වුනත් මිනිහෙකුට "කුකුළා" කියනවනම්, කියන්නේ ඇයි කියලා තේරෙනවනේ. අපේ කුකුලත් එහෙමලු. කොටන්ඩ ගියාම කළුද සුදුද උසද මිටිද... ඕව උට අදාළ නෑ. ඕන ගහක් ඌට එකයි. ඉතින් හොට පැටලුන වාර අනන්තයි. ඒත් ඌ නෙවෙයි අතෑරියේ. උගේ මේ දුර්වලතාවය උපයෝගී කරගෙන අපි ඌව එකසැරයක් සැරටම බයිට් කරා, මේ ඒ කතාව.
              "මචන් මාර සීන් ඒක බන්, ඉන්ග්ලිෂ් එකේ(course එකක්) කෙල්ලෙක් මට දැන් දවස් ගණක ඉදල මැසේජ් එවනවා. කවුද දන්නේ නෑ බන්, ඒ උනාට ඒකී නම් මං ගැන හැමදේම හොදට දන්නවා වගේ, කවුද කියලා හොයාගන්ඩ ඕන " දවසක් කුකුළා එහෙම කියලා අපෙනුත් උදවු ඉල්ලුවා. කවුද අප්පා ඒ කිකිළි? අපිටත් ප්‍රශ්නයක්. කොහොම උනත් ටික වෙලාවකින් කුකුළා එතනින් මාරු උනාම තමා කතාව හරියටම දැනගන්ඩ ලැබුනේ. කුකුළාට මැසේජ් කොරන කෙල්ලෙක් නෑ. කෙල්ලෙක් විදිහට ඌව අන්දන්නේ අපේ එකෙක්ම තමා. මොන උනත් මේ වැඩේ පට්ට ආතල් එකක් ගන්ඩ පුළුවන් නිසා කට්ටියම එකතු වෙලා ගේම ගැහුවා. තවත් දවස් 2,3 ක් මැසේජ් කරට පස්සේ අදුරන කියන කෙල්ලොන්ට කියලා කෝල් 2ක් 3ක් දීල මූව ගොනාටම ඇන්දුවා.
              දැන් කොල්ලට ෂුවර් කෙල්ලෙක්ම තමා කියලා. දැන් ඉතින් කුකුළා නැටවීම අරඹන්ඩයි සූදානම. ඉතින් ඔන්න නිවාඩු දවසක කට්ටියම සෙට් වුණා අපේ ඉන්ස්ටිටියුට් එකට. (නිවාඩු උනත් අපි ඉතින් ගෙදර ඉන්නේ නෑ. ඉගෙන ගන්න තියෙන ආසාවනේ) කුකුලත් ආවා සුපුරුදු පරිදි. 10ට විතර මූ "මචන්, මම යාලුවෙක් හම්බෙන්ඩ යනවා" කියලා ගියා. යාළුවා කවුද කියලා ඉතින් අමුතුවෙන් කියන්ඩ ඕන නෑනේ, අරූ කුකුළාට මැසේජ් එකක් දාලා "ඔයාව හම්බෙන්ඩ ආසයි, මම දැන් kcc එකේ දැන් එන්ඩ " කියලා. ඒකයි මූ ගියේ. චර පුරුෂයෝ 2ක් මුව ෆලෝ කරනවා කියලා ඌ දන්නේ නෑ. අපිත් ඉතින් ටිකකින් ආයේ මැසේජ් එකක් දැම්මා "ඔයා ආවේ නෑනේ, දැන් ජෝයි බෝට් එක ලග " කියලා. ඌ එතනටත් ගියා කියලා ආරංචි උනාම ඊලගට දැම්මා dialog ඒක ලග කියලා, එතනටත් ගියාලු, ඊලගට  Nolimit යැව්වා, ඊටත් පස්සේ අයෙත් kcc යවලා අපිත් ගියා හෙමින් ඒ පැත්තට. 2 වෙනි තට්ටුවේ සිට බලන කල කුකුළා ඉන්නවා ඉනට අතකුත් තියාගෙන, අහවලා එනකන්.
             විනාඩි 10ක් විතර බලාගෙන හිටියට පස්සේ සෙට් එකම ලගට ගිහින් ඇහුව "ඇයි බන් මෙතන " කියලා "කවුද එකෙක් කෝල් කරලා ගේම ඉල්ලනවා බන්, ඇද මෙතනට එන්ඩ කිව්වා. මම මේ ඉන්නේ එනකන් උට කියලා දෙන්ඩ " ඌ කිව්වා. "නෑ, එහෙමද? ඇයි යකෝ අපිට කිව්වේ නැත්තේ? කවුද බන් උඹට සද්දේ දාන්ඩ ඉන්නේ මේ නුවර, උඹ බය වෙන්ඩ එපා, අපිත් ඉන්නම්, ඌ දැන් එයිනේ?, බලාගමු  " අපි එහෙම කිව්වා.  "නෑ බන් කමක් නෑ. මමම මේක බේරගන්ඩ ඕන, උඹලටත් කරදරේ නේ, උඹල පලයල්ලා, මම මුව හම්බ වෙලාම එන්නම්"  අපි හිටියොත් වැඩේ අප්සැට් හින්ද කුකුළා බටර් බකට් එකක් ම හැලුව කැත නැතුව, "එහෙම කොහොමද බන්? උඹව තනියම දාලා යන්ඩ බැනේ, කියන්ඩ බැනේ ඌ උඹට දෙකක් ඇනලවත් දැම්මොත්? උඹ ගුටි කෑවොත් අපිටත් එක්කනේ ලැජ්ජාව, අවුලක් නෑ අපිත් ඉන්නම්" අපිත් අතෑරියේ නෑ. දැන් කුකුළාට කොරගන්ඩ දෙයක් නෑ. තවත් විනාඩි 10කට විතර පස්සේ ඌට අයෙත් මැසේජ් එකක් දැම්මා "අද හම්බවෙන්ඩ බැරි උනාට සොරි, වෙන දවසක හම්බ වෙමු " කියලා. ඒ පාර මූ කිව්වා "මචන්, අරූ එන්නේ නෑ වගේ. යමු " කියලා. අපිත් ඉතින් බොරුවට ලොවෙත් නැති එකෙකුට බැන බැන හොරෙන් හිනා වෙවී ආපසු ඉන්ස්ටිටියුට් එකට ආව.  මෙච්චර චාටර් උන එකේ මූට දැන් තේරිලා ඇති කියලා අපි හිතුවට එහෙම නෑ. ඌ තාම ගිලපු ලනුව වමාරගන නෑ. මොනවා කොරන්ඩද? කවුද හිතුවේ මූ මෙච්චර මෝඩ කුකුලෙක් කියලා. කොහොම හරි ඌ ඇත්ත දන ගත්තේ තව සති 2,3කට පස්සේ, ලැජ්ජාව බැරල් ඒකයි. හැබැයි ඉතින් එතකොට නම්...... "මම දැනගෙන හිටියා ඕක බොරුවක් කියලා" එහෙමයි කිව්වේ. :P දන්නෝ දනිති කිව්වලු..
              .(කුකුළා විසින් වැරදිකරුවන් තවමත් සොයමින් සිටි,මේ පිළිබද යමක් දන්නේ නම් වහාම කුකුළා අමතන්න )
Read More

වෙන කොහේ කියලා යන්ඩද?

හදිස්සියේම කොල්ලෙක්ගේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා, හොස්පිටල්.අපේ උන් එදා දවසම උදේ ඉදලම කරේ එහාට මෙහාට දුවපු ඒක. හොස්පිටල් එකට, ටවුන් එකට, මාලිගාවට... වැඩ කෝටියයි. කට්ටියටම පට්ට මහන්සි.
හවස 5ට අන්තිම සැරේටත් ලෙඩාව බලලා ගෙවල් දොරවල් බලා යන්ඩ හිතාගෙන කට්ටියම ගියා හොස්පිටල්. පවුලේ කට්ටියයි යලුවොයි ගොඩක් ලෙඩාගේ ඇද වටේ නිසා අපි ටිකක් එලියට වෙලා හිටිය අපේ යාළුවා තාත්තව බලලා එනකන්, මේ වෙලාවේ එක අන්කල් කෙනෙක් ඇතුලේ ඉදන් අපි හිටපු තැනට ආවා. අපිත් ඉතින් නොර්මල් එකේ හිනාවක් දාලා හිටියා. අන්කල් ටික වෙලාවකින් කුකුළා ලගට කිට්ටු කරා. හෙන බැරෑරුම් මුණක් එහෙම හදාගෙන පොර මෙහෙම ඇහුව " දැන් පුතාල කොහේ යන්ඩද හිතාගෙන ඉන්නේ?", කුකුළා වට පිට නිරීක්ෂණය කරා, අපි දිහත් බැලුවා, නෝ ආන්ස්වර් පස්සේ උගේ තියුණු හොට අගින් මෙහෙම කිව්වා "ගෙදර තමා ඉතින් " අන්කල්  දිය වෙලාම ගියා, අපි හිනාව නවත්තගත්තේ මාර ගේමක් දීල. ඇයි යකෝ අපි වෙන කොහේ යන්නද? කිව්වත් වගේ මේ මහා රෑ වෙලා.  මාර ප්‍රශ්නනේ අප්පා මුන් අහන්නේ, මොනවා  උනත් අන්කල් කිච උනාද අපි කිච උනාද කෙයල තාමත් හිතා ගන්න බැ. කොහොමද කුකුලගේ කෙටිල්ල????? .  :-P
Read More

Saturday, October 20, 2012

'රජ කුකුළා'



අප්පට සිරි,මට කියන්න අමතක උනානේ blog එකට 'රජ කුකුළා'  කියල නමක් දාන්න හේතුව. මොකක් කරන්නත් කලින් නමක් දාගන්න එපා යැයි.නැත්තන් මොකක්දෝ එකක් වගේනේ  නේ.. :-D

පට්ටම පට්ට අමාරු වැඩක තමා නමක් ගැන හිතපු එක. හිතුවා හිතුවා ගොඩාක් හිතුවා, අවේ නැ නේ.....  ????????????????????????.( නමක් හොදේ ). ඔහොම ඉන්නකොට එක පාරටම අපේ set එකේ පොරක් මතක් උනා.වැඩේ ගොඩ.දැම්ම නම. 'රජ කුකුළා'.  

මේ ගමන්ම මගේ යාළුවා ගැන පොඩ්ඩක් කියන්නම්කො.නැත්තම් හිතට හරි නැ වගේ. මු කෙල්ලෝ දැක්කට කතා කරන්නේ නැ ජිවිතේට,බොරු කියන්නේ නැ ජිවිතේට, කෙල්ලෙක් දැක්කත් අහක බලනවා.අම්මප.ඒක හින්ද අපි මුට හුරතලේට කියන්නේ කුකුළා කියල.මොකද මු කොටන්න දන්නෙම නැති හින්දා.
දැන් තේරෙනවනේ මගේ යාළුවා කොච්චර නිහතමානී පොරක්ද කියලා.හී හිහිහි.මේ වගේ නිහතමානී යාලුවෙක්ට පුංචි හරි ගෞරවයක් දක්වන්න එපා යැයි අපිත්.මෙන්න අපගේ උපහාරය..කුක්කු කුඋක් කුඋක්.
සැ.යු (මගේ යාළුවාට ගෞරවයක් පිණිස රජ කුකුළා යන නාමය මෙම බ්ලොග් සටහනට  යොදන ලදී)  


Read More

ආයුබෝවන්ඩ



මුලින්ම ඔන්න ආයුබෝවන්ඩ කියනවා යාලුවෝ හැමෝටම..මං මෙහෙම වැඩකට අත ගැහුව පලවෙනි වතාව.බොරු කෙයන්න ඕනි නැ නේ.මං නම් වැඩිය blog ගැන දන්නෙත් නැ.ඒත් මේ වැඩේට පොඩ්ඩක් අස හිතුනා.මොනවා හරි දෙයක් ඉගනගන්න පුළුවන් වෙයි නේ.
හරි, දැන් කියන්නම් බැරි බැරි ගතේ හරි මේ වැඩේට අත ගහපු හේතුව.මට ඉන්නවා පට්ටම පට්ට යාලුවෝ ටිකක් හැමදාම set වෙන.උන් ටිකනම් මාරයි.සමහර එවුන් දැක්කම අම්ම අප්පා දැක්කා වගේ.ඒත් සමහර එවුන් දැක්කම ,,අප්පොයි .....????????????????????????????.
දැන් තේරෙනවනේ යාලුවනේ මං මේ වැඩේ පටන් ගන්න හේතුව.මෙන්න මේ අපේ set එකේ එවුන් තමා.මුන්  ටිකට පුංචි මඩ පහරක් ගහන්න හදන අහිංසක වැයමක් තමා මේක..හී හී හිහීහි.....හැබැයි ඔන්න සියලුම නම් ගම් මනංකල්පිතයි හරිය.මොනවා උනත් උන් ටික මගෙත් එක්ක දුකේදී නැතත් සැපේදී ලගින ඉන්න එවුන් ටික නේ..
ඔන්න එහෙනම් මං වැඩේ පටන් ගත්තා......... :-P



Read More
]