Friday, December 14, 2012

සුද්දියි කුකුළයි

               ගෙවුන සති 2 එපාම කරපු කාලයක් වුනේ EXAM නිසා.. ලේසිද? මගුලක් කතා කරනවා... කොච්චර ලේසිද කියනවනම් ආසාවට ඊළඟ අවුරුද්දටත් ටිකක් ඉතුරු කරගත්ත. නැත්තන් බැරි කමකටම නෙවෙයි... ඉතින් exam එහෙම ඉවර වෙලා අපි ගියා යාලුවෙකුගේ ගෙවල් පැත්තේ.. 11ක් විතර කට්ටිය... ඉතින් කුකුලත් ගිය කියල අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ? ඉතින් පැය 2ක් විතර බස් එකේ යනකොට එනකොට ආතල් සිදුවීම් ටිකක් වුනා. මේක එයින් එක සිදුවීමක් පමණි ඈ.. 
                      මේක වුනේ අපි යාලුවගෙ ගෙදරින් සමු අරන් ආපහු නුවර එන අතරේ. බස් එකේ ටිකක් සෙනග. ඉතින් මටයි, තව 3,4 දෙනෙකුටයි ඉස්සරහට යන්ඩ වුණා. අකමැතිම වැඩේ වුනාට කොන්ද කිව්වම යන්ඩත් එපාය, කුකුළයි අපේ තව 2,3 දෙනෙකුයි පිටිපස්සේ දොර ළඟ. දැන් ලංකාවට එන සුද්දෝ අපිටත් වැඩිය හිගන්නොනේ අප්පා.. උන් යන්නෙත් සාමාන්‍ය ගාස්තු.. ඉතින් ඔය බස් එකේ සුද්දෝ සුද්දියෝ සෙට් එකකුත් ගියා, එක සුද්දියෙක් පිටිපස්සේ දොරේ එල්ලිලා එක විකාරයයි. තව සුද්දෝ ටිකක් එතන සීට් එකක. ඒකිගේ සුද්දා(කසාද සහතික බැලුවේ නම් නෑ) නම් ඇල්වතුරත්  නිවල බොන ටයිප්. බස් එකේ මැද සීට් එකක  පාඩුවේ අවට සිරි නරඹමින් තමා පොර ගියේ. කොන්දත් අපිට සද්දේ දැම්මට මොකද සුද්දිට වචනයක් කිව්වේ නෑ .. ඇයි යකෝ කෙටුවනම් ඌ අනාතයිනේ. A9 පාරේ අධි වේගයෙන් ගමන් කරන බස් රථයේ  ෆුට් බෝඩ් එකේ සංවර ඇදුමින් සැරසුණ සුද්දියෙක්... ඉතින් ඉතුරු ටික මවාගනිල්ලා ... සදාචාරයට පටහැනිද මන්ද...  කුකුලගේ ජන්ම ගති මතුවුනේ ඔය වෙලාවේදී තමා. ඌ සුද්දිගේ මූනට අඟල් 10ක් විතර දුර ඉදන් උගේ අර පැණි බේරෙන කිරි සිනාව දැම්මලු. (දන්නෝ දනිති අඩ සදේ සිනාවේ ලස්සන..) ඒ හිනාවේ ආකර්ශණීය බව කොච්චරද කියනවනම් මෙච්චර වෙලා ෆුල් ආතල් එකේ නොමේරු ළදරු වැඩ කර කර දොරේ හිටපු සුද්දී බය උන තරම.... ඒකිගේ යාලුවෝ හිටපු තැනට ගිහින් ඉදගත්තා. ඒ මදිවට අපූරුවට ඉදගෙන හිටපු සුද්දවත් නැගිට්ටවලා ලඟට ගෙන්න ගත්තා. නුවරට එනකන්ම සුද්දට ලගින් හෙලවෙන්ඩ දුන්නේ නෑ. ඉතින් බලපල්ලකෝ... සුද්දියොත් කුකුළට ඔහොම බය වෙනවනම් දේශීය කෙල්ලන් ගැන කුමන කතාද?....
                 

1 comment:

  1. affoi.muge jara gathiyanam thawa adu wela na wage.balapanlako,mu lagadi hodata guti kanawa..

    ReplyDelete

]