Wednesday, November 14, 2012

ඇන්ඩ්රොයිඩ් කුකුළා

          මොනවා උනත් කුකුළා ඉතින් ඉගෙන ගන්ඩ දක්ෂ කොල්ලනෙ, ඇත්ත වශයෙන්ම ඌට ඉගෙන ගැනීම කොහොම උනත් අනන් මනං course කිරීම පිලිබදව උණක් තියෙනවද කියලත් හිතෙනවා, මොකද ඕක කතා කරන්නේ  ජාවා ,php, .net, c++ වගේ බසාවල් මිසක් සිංහල බාසාව නෙවෙයිනේ, ඔය කිව්ව ඒවාට අලුතින්ම එකතු වෙච්ච දේ තමා ඇන්ඩ්රොයිඩ්... දැන් මාස 2ක් විතර මූ උදේ හවස අපිට වද දුන්නේ ඌ අලුතින්ම යන්ඩ ලෑස්ති වෙන ඇන්ඩ්රොයිඩ් class එක ගැන තමා, හැමදාම මේ මගුල ගැනම කියවනකොට අහලම අපිට එපා වුනේ එහෙම නැල්ලු, කොහොම හරි අපේ දැඩි විරෝධය නොතකා ඌ තම නවතම ව්‍යාපෘතියේ update එක හැමදාම තිතට දුන්නා.
            ඔන්න class එක පටන් ගන්න කලින් ඒ ගැන හදුන්වාදීමක් තිබිල කුකුළාත් ඕකට සහභාගී වෙලා ආවා, "මචන්, ඒකට එන්නේ ඔක්කොම ඉන්ජිනියර්සලා , ඩිවලොපර්ස්ල වගේ පොරවල්ලා බන්, මම විතරයි තාම ඉගෙන ගන්න එකෙකුට ඉන්නේ." ඔන්න ඔහොමයි මේකා චරිත සහතිකේ ලිව්වේ, එහෙනං ඉතින් ඉදල ඉවරයි, ඊලග සතිය වනවිට කුකුළා course එකට සල්ලිත් ගෙවලා, මුට සම්පූර්ණ ගානම එක සැරේ ගෙව්වට ඩොන්ගල් එකකුත් දීලා. සල්ලි වැඩිනම්අරන් දීපන්කො අපිට පැටිස් එකක්, පුණ්‍ය කර්මයක්නේ අප්පා, අපිට කොහෙන්ද පූසෝ මාළු අපි යනවය මුහුදු කිව්වලු, ඉතින් ඔය ඩොන්ගල් එකක් හම්බුනා කිව්වනේ, අන්තිමේට ඒක පන්තියේම කෙල්ලෙකුට සහන මිලට ලබා දීලා කුකුළා සැදී පැහැදී බලාගෙන හිටියේ  ඊලග සතියේ ඉදන් මේ class එකට යන්ඩ.
           දහසක් කරදර හිරිහැර බාධා මැද්දෙන් තවත් සතියක් ගෙවී ගියා, අපි හිතුව කිව්වා වගේම කුකුළා සෙනසුරාදා class යන්ඩ ඇති කියලා, එක නිසා සදුදා අපි ආවේ කන් දෙක පිරෙන්ඩම ඇන්ඩ්රොයිඩ් තාක්‍ෂණේ ගැන අහන්ඩ බලාගෙනයි, ම්හු.... සද්ද නෑ, මේ මොකද යකෝ මේ? class එකේ sir මුගේ sound drivers uninstall කොරලවත්ද? "කුකුළා, කොහොමද class එක?" බැරිම තැන අපි එහෙම අහන්ඩ තරම් අසරණ වුණා, "තිබ්බේ නෑ බන්, තාම කට්ටිය මදිලු" උත්තරේ කෙටියි, ඒ සතියත් නිම උනා, ඊලග සතිය ආරම්භයේදීත් අපි කුකුලගෙන් අර ප්‍රශ්නේ ඇහුවා, "මේ සතියෙත් නෑ බන් 6ක් වත් ඉන්ඩ ඕනලු පටන් ගන්ඩ" ඌ කිව්වා, "ඇයි යකෝ, උඹ කිව්වේ ඉන්ජිනියර්සලා , ඩිවලොපර්ස්ලා හිටන් ඕකට එනවා කියලානේ? දැන් අපතයෝ 6ක් වත් නැද්ද?" මොකෙක්දෝ කට කහන එකෙක් එහෙම ඇහුවා. "එදා උන් හිටිය බන්, දැන් කට්ටිය මදි " ඉතින් එතැන් සිට කුකුළගේ ඇන්ඩ්රොයිඩ් class එක අපේ බයිට් එක උනා. ඊළග සතියෙත් class නැති වෙනකොට නම් කුකුළට මල පැන්නා, සාධාරණ මලක් නිසා අපිත් උට හැකි උපරිමෙන් විදේශ ආධාර ලබා දුන්නා කැත නැතුවම.
         කුකුළා class එකේ sirට කතා කරාම පොරත් කිව්වලු වැඩේ හරියන්නේ නෑ, සල්ලි අපහු දෙනවා කියලා, ඉතින් කුකුළා ඇහුවලු ඩොන්ගල් එකේ ගාන අඩුකරගන්නවද කියල, පොර කිව්වලු ඒ පාඩුව ඌ විඳගන්නවා කියල, ඌට මාර භක්තියක් ඇති උනේ sir ගැන, දැන් කුකුළට මාර happy, ඇයි යකෝ? ගෙව්ව ගානත් ලැබෙනවා, එතකොට ඩොන්ගල් එක විකුණලා ගත්ත සල්ලිත් එක්ක මුට පාඩුවක් වුනේ නෑනේ, ලාබයක්නේ, ඉතින් අපිත් මේ පිලිබදව අපේ හද පතුලෙන් අපු සන්තෝසේ වැඩි කමට කැත නැතුව පාටියක් ඉල්ලුවා, කුකුළා එකෙන්ම කැමති උනා, ඉතින් නියමිත දිනයේ උදේ පාන්දර 10ට විතර කුකුළා සන්තෝසේ කරමලේ පුරාම ගාගෙන ගියා සල්ලි ඉල්ලන් එන්න, ඉතින් පැයකට විතර පස්සේ එනකොට නම් එච්චර සන්තෝසයක් නෑ වාගේ, "වැඩක් නෑ මචන්, ඩොන්ගල් එකට ගාන කපගෙනම තමා සල්ලි දුන්නේ" ලාබ ලබන ව්‍යාපාරේට කෙල වෙලා, ඇඩෙනවා......
       

No comments:

Post a Comment

]