Thursday, October 25, 2012

කුකුළා සහ "කෑල්ල"

             කුකුළා කියන්නේ මාර ප්‍රයෝජනවත් සතෙක්නේ. මස් , බිත්තර , පොහොර මදිවට තටු ටිකත් ගන්නවනේ තොප්පි සරසන්ඩ. ඇයි යකෝ, තව ඌ එලාම් ඔරලෝසුවක් වශයෙනුත් වැදගත් නේ. ඒ වුනත් මිනිහෙකුට "කුකුළා" කියනවනම්, කියන්නේ ඇයි කියලා තේරෙනවනේ. අපේ කුකුලත් එහෙමලු. කොටන්ඩ ගියාම කළුද සුදුද උසද මිටිද... ඕව උට අදාළ නෑ. ඕන ගහක් ඌට එකයි. ඉතින් හොට පැටලුන වාර අනන්තයි. ඒත් ඌ නෙවෙයි අතෑරියේ. උගේ මේ දුර්වලතාවය උපයෝගී කරගෙන අපි ඌව එකසැරයක් සැරටම බයිට් කරා, මේ ඒ කතාව.
              "මචන් මාර සීන් ඒක බන්, ඉන්ග්ලිෂ් එකේ(course එකක්) කෙල්ලෙක් මට දැන් දවස් ගණක ඉදල මැසේජ් එවනවා. කවුද දන්නේ නෑ බන්, ඒ උනාට ඒකී නම් මං ගැන හැමදේම හොදට දන්නවා වගේ, කවුද කියලා හොයාගන්ඩ ඕන " දවසක් කුකුළා එහෙම කියලා අපෙනුත් උදවු ඉල්ලුවා. කවුද අප්පා ඒ කිකිළි? අපිටත් ප්‍රශ්නයක්. කොහොම උනත් ටික වෙලාවකින් කුකුළා එතනින් මාරු උනාම තමා කතාව හරියටම දැනගන්ඩ ලැබුනේ. කුකුළාට මැසේජ් කොරන කෙල්ලෙක් නෑ. කෙල්ලෙක් විදිහට ඌව අන්දන්නේ අපේ එකෙක්ම තමා. මොන උනත් මේ වැඩේ පට්ට ආතල් එකක් ගන්ඩ පුළුවන් නිසා කට්ටියම එකතු වෙලා ගේම ගැහුවා. තවත් දවස් 2,3 ක් මැසේජ් කරට පස්සේ අදුරන කියන කෙල්ලොන්ට කියලා කෝල් 2ක් 3ක් දීල මූව ගොනාටම ඇන්දුවා.
              දැන් කොල්ලට ෂුවර් කෙල්ලෙක්ම තමා කියලා. දැන් ඉතින් කුකුළා නැටවීම අරඹන්ඩයි සූදානම. ඉතින් ඔන්න නිවාඩු දවසක කට්ටියම සෙට් වුණා අපේ ඉන්ස්ටිටියුට් එකට. (නිවාඩු උනත් අපි ඉතින් ගෙදර ඉන්නේ නෑ. ඉගෙන ගන්න තියෙන ආසාවනේ) කුකුලත් ආවා සුපුරුදු පරිදි. 10ට විතර මූ "මචන්, මම යාලුවෙක් හම්බෙන්ඩ යනවා" කියලා ගියා. යාළුවා කවුද කියලා ඉතින් අමුතුවෙන් කියන්ඩ ඕන නෑනේ, අරූ කුකුළාට මැසේජ් එකක් දාලා "ඔයාව හම්බෙන්ඩ ආසයි, මම දැන් kcc එකේ දැන් එන්ඩ " කියලා. ඒකයි මූ ගියේ. චර පුරුෂයෝ 2ක් මුව ෆලෝ කරනවා කියලා ඌ දන්නේ නෑ. අපිත් ඉතින් ටිකකින් ආයේ මැසේජ් එකක් දැම්මා "ඔයා ආවේ නෑනේ, දැන් ජෝයි බෝට් එක ලග " කියලා. ඌ එතනටත් ගියා කියලා ආරංචි උනාම ඊලගට දැම්මා dialog ඒක ලග කියලා, එතනටත් ගියාලු, ඊලගට  Nolimit යැව්වා, ඊටත් පස්සේ අයෙත් kcc යවලා අපිත් ගියා හෙමින් ඒ පැත්තට. 2 වෙනි තට්ටුවේ සිට බලන කල කුකුළා ඉන්නවා ඉනට අතකුත් තියාගෙන, අහවලා එනකන්.
             විනාඩි 10ක් විතර බලාගෙන හිටියට පස්සේ සෙට් එකම ලගට ගිහින් ඇහුව "ඇයි බන් මෙතන " කියලා "කවුද එකෙක් කෝල් කරලා ගේම ඉල්ලනවා බන්, ඇද මෙතනට එන්ඩ කිව්වා. මම මේ ඉන්නේ එනකන් උට කියලා දෙන්ඩ " ඌ කිව්වා. "නෑ, එහෙමද? ඇයි යකෝ අපිට කිව්වේ නැත්තේ? කවුද බන් උඹට සද්දේ දාන්ඩ ඉන්නේ මේ නුවර, උඹ බය වෙන්ඩ එපා, අපිත් ඉන්නම්, ඌ දැන් එයිනේ?, බලාගමු  " අපි එහෙම කිව්වා.  "නෑ බන් කමක් නෑ. මමම මේක බේරගන්ඩ ඕන, උඹලටත් කරදරේ නේ, උඹල පලයල්ලා, මම මුව හම්බ වෙලාම එන්නම්"  අපි හිටියොත් වැඩේ අප්සැට් හින්ද කුකුළා බටර් බකට් එකක් ම හැලුව කැත නැතුව, "එහෙම කොහොමද බන්? උඹව තනියම දාලා යන්ඩ බැනේ, කියන්ඩ බැනේ ඌ උඹට දෙකක් ඇනලවත් දැම්මොත්? උඹ ගුටි කෑවොත් අපිටත් එක්කනේ ලැජ්ජාව, අවුලක් නෑ අපිත් ඉන්නම්" අපිත් අතෑරියේ නෑ. දැන් කුකුළාට කොරගන්ඩ දෙයක් නෑ. තවත් විනාඩි 10කට විතර පස්සේ ඌට අයෙත් මැසේජ් එකක් දැම්මා "අද හම්බවෙන්ඩ බැරි උනාට සොරි, වෙන දවසක හම්බ වෙමු " කියලා. ඒ පාර මූ කිව්වා "මචන්, අරූ එන්නේ නෑ වගේ. යමු " කියලා. අපිත් ඉතින් බොරුවට ලොවෙත් නැති එකෙකුට බැන බැන හොරෙන් හිනා වෙවී ආපසු ඉන්ස්ටිටියුට් එකට ආව.  මෙච්චර චාටර් උන එකේ මූට දැන් තේරිලා ඇති කියලා අපි හිතුවට එහෙම නෑ. ඌ තාම ගිලපු ලනුව වමාරගන නෑ. මොනවා කොරන්ඩද? කවුද හිතුවේ මූ මෙච්චර මෝඩ කුකුලෙක් කියලා. කොහොම හරි ඌ ඇත්ත දන ගත්තේ තව සති 2,3කට පස්සේ, ලැජ්ජාව බැරල් ඒකයි. හැබැයි ඉතින් එතකොට නම්...... "මම දැනගෙන හිටියා ඕක බොරුවක් කියලා" එහෙමයි කිව්වේ. :P දන්නෝ දනිති කිව්වලු..
              .(කුකුළා විසින් වැරදිකරුවන් තවමත් සොයමින් සිටි,මේ පිළිබද යමක් දන්නේ නම් වහාම කුකුළා අමතන්න )

3 comments:

  1. HAHAAH APITA MATHAKI KUKULA CLZ GYA VIDIYA NUWARA WATE

    korian KADIYA

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. hafoi... lajjawa thama.. a unata aththa kiyanda epaya.. uba witharayi bn comment ekakwath damme.. :P thank you wewa!

    ReplyDelete

]