Thursday, October 25, 2012

වෙන කොහේ කියලා යන්ඩද?

හදිස්සියේම කොල්ලෙක්ගේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා, හොස්පිටල්.අපේ උන් එදා දවසම උදේ ඉදලම කරේ එහාට මෙහාට දුවපු ඒක. හොස්පිටල් එකට, ටවුන් එකට, මාලිගාවට... වැඩ කෝටියයි. කට්ටියටම පට්ට මහන්සි.
හවස 5ට අන්තිම සැරේටත් ලෙඩාව බලලා ගෙවල් දොරවල් බලා යන්ඩ හිතාගෙන කට්ටියම ගියා හොස්පිටල්. පවුලේ කට්ටියයි යලුවොයි ගොඩක් ලෙඩාගේ ඇද වටේ නිසා අපි ටිකක් එලියට වෙලා හිටිය අපේ යාළුවා තාත්තව බලලා එනකන්, මේ වෙලාවේ එක අන්කල් කෙනෙක් ඇතුලේ ඉදන් අපි හිටපු තැනට ආවා. අපිත් ඉතින් නොර්මල් එකේ හිනාවක් දාලා හිටියා. අන්කල් ටික වෙලාවකින් කුකුළා ලගට කිට්ටු කරා. හෙන බැරෑරුම් මුණක් එහෙම හදාගෙන පොර මෙහෙම ඇහුව " දැන් පුතාල කොහේ යන්ඩද හිතාගෙන ඉන්නේ?", කුකුළා වට පිට නිරීක්ෂණය කරා, අපි දිහත් බැලුවා, නෝ ආන්ස්වර් පස්සේ උගේ තියුණු හොට අගින් මෙහෙම කිව්වා "ගෙදර තමා ඉතින් " අන්කල්  දිය වෙලාම ගියා, අපි හිනාව නවත්තගත්තේ මාර ගේමක් දීල. ඇයි යකෝ අපි වෙන කොහේ යන්නද? කිව්වත් වගේ මේ මහා රෑ වෙලා.  මාර ප්‍රශ්නනේ අප්පා මුන් අහන්නේ, මොනවා  උනත් අන්කල් කිච උනාද අපි කිච උනාද කෙයල තාමත් හිතා ගන්න බැ. කොහොමද කුකුලගේ කෙටිල්ල????? .  :-P

No comments:

Post a Comment

]