Thursday, October 25, 2012

කුකුළා සහ "කෑල්ල"

             කුකුළා කියන්නේ මාර ප්‍රයෝජනවත් සතෙක්නේ. මස් , බිත්තර , පොහොර මදිවට තටු ටිකත් ගන්නවනේ තොප්පි සරසන්ඩ. ඇයි යකෝ, තව ඌ එලාම් ඔරලෝසුවක් වශයෙනුත් වැදගත් නේ. ඒ වුනත් මිනිහෙකුට "කුකුළා" කියනවනම්, කියන්නේ ඇයි කියලා තේරෙනවනේ. අපේ කුකුලත් එහෙමලු. කොටන්ඩ ගියාම කළුද සුදුද උසද මිටිද... ඕව උට අදාළ නෑ. ඕන ගහක් ඌට එකයි. ඉතින් හොට පැටලුන වාර අනන්තයි. ඒත් ඌ නෙවෙයි අතෑරියේ. උගේ මේ දුර්වලතාවය උපයෝගී කරගෙන අපි ඌව එකසැරයක් සැරටම බයිට් කරා, මේ ඒ කතාව.
              "මචන් මාර සීන් ඒක බන්, ඉන්ග්ලිෂ් එකේ(course එකක්) කෙල්ලෙක් මට දැන් දවස් ගණක ඉදල මැසේජ් එවනවා. කවුද දන්නේ නෑ බන්, ඒ උනාට ඒකී නම් මං ගැන හැමදේම හොදට දන්නවා වගේ, කවුද කියලා හොයාගන්ඩ ඕන " දවසක් කුකුළා එහෙම කියලා අපෙනුත් උදවු ඉල්ලුවා. කවුද අප්පා ඒ කිකිළි? අපිටත් ප්‍රශ්නයක්. කොහොම උනත් ටික වෙලාවකින් කුකුළා එතනින් මාරු උනාම තමා කතාව හරියටම දැනගන්ඩ ලැබුනේ. කුකුළාට මැසේජ් කොරන කෙල්ලෙක් නෑ. කෙල්ලෙක් විදිහට ඌව අන්දන්නේ අපේ එකෙක්ම තමා. මොන උනත් මේ වැඩේ පට්ට ආතල් එකක් ගන්ඩ පුළුවන් නිසා කට්ටියම එකතු වෙලා ගේම ගැහුවා. තවත් දවස් 2,3 ක් මැසේජ් කරට පස්සේ අදුරන කියන කෙල්ලොන්ට කියලා කෝල් 2ක් 3ක් දීල මූව ගොනාටම ඇන්දුවා.
              දැන් කොල්ලට ෂුවර් කෙල්ලෙක්ම තමා කියලා. දැන් ඉතින් කුකුළා නැටවීම අරඹන්ඩයි සූදානම. ඉතින් ඔන්න නිවාඩු දවසක කට්ටියම සෙට් වුණා අපේ ඉන්ස්ටිටියුට් එකට. (නිවාඩු උනත් අපි ඉතින් ගෙදර ඉන්නේ නෑ. ඉගෙන ගන්න තියෙන ආසාවනේ) කුකුලත් ආවා සුපුරුදු පරිදි. 10ට විතර මූ "මචන්, මම යාලුවෙක් හම්බෙන්ඩ යනවා" කියලා ගියා. යාළුවා කවුද කියලා ඉතින් අමුතුවෙන් කියන්ඩ ඕන නෑනේ, අරූ කුකුළාට මැසේජ් එකක් දාලා "ඔයාව හම්බෙන්ඩ ආසයි, මම දැන් kcc එකේ දැන් එන්ඩ " කියලා. ඒකයි මූ ගියේ. චර පුරුෂයෝ 2ක් මුව ෆලෝ කරනවා කියලා ඌ දන්නේ නෑ. අපිත් ඉතින් ටිකකින් ආයේ මැසේජ් එකක් දැම්මා "ඔයා ආවේ නෑනේ, දැන් ජෝයි බෝට් එක ලග " කියලා. ඌ එතනටත් ගියා කියලා ආරංචි උනාම ඊලගට දැම්මා dialog ඒක ලග කියලා, එතනටත් ගියාලු, ඊලගට  Nolimit යැව්වා, ඊටත් පස්සේ අයෙත් kcc යවලා අපිත් ගියා හෙමින් ඒ පැත්තට. 2 වෙනි තට්ටුවේ සිට බලන කල කුකුළා ඉන්නවා ඉනට අතකුත් තියාගෙන, අහවලා එනකන්.
             විනාඩි 10ක් විතර බලාගෙන හිටියට පස්සේ සෙට් එකම ලගට ගිහින් ඇහුව "ඇයි බන් මෙතන " කියලා "කවුද එකෙක් කෝල් කරලා ගේම ඉල්ලනවා බන්, ඇද මෙතනට එන්ඩ කිව්වා. මම මේ ඉන්නේ එනකන් උට කියලා දෙන්ඩ " ඌ කිව්වා. "නෑ, එහෙමද? ඇයි යකෝ අපිට කිව්වේ නැත්තේ? කවුද බන් උඹට සද්දේ දාන්ඩ ඉන්නේ මේ නුවර, උඹ බය වෙන්ඩ එපා, අපිත් ඉන්නම්, ඌ දැන් එයිනේ?, බලාගමු  " අපි එහෙම කිව්වා.  "නෑ බන් කමක් නෑ. මමම මේක බේරගන්ඩ ඕන, උඹලටත් කරදරේ නේ, උඹල පලයල්ලා, මම මුව හම්බ වෙලාම එන්නම්"  අපි හිටියොත් වැඩේ අප්සැට් හින්ද කුකුළා බටර් බකට් එකක් ම හැලුව කැත නැතුව, "එහෙම කොහොමද බන්? උඹව තනියම දාලා යන්ඩ බැනේ, කියන්ඩ බැනේ ඌ උඹට දෙකක් ඇනලවත් දැම්මොත්? උඹ ගුටි කෑවොත් අපිටත් එක්කනේ ලැජ්ජාව, අවුලක් නෑ අපිත් ඉන්නම්" අපිත් අතෑරියේ නෑ. දැන් කුකුළාට කොරගන්ඩ දෙයක් නෑ. තවත් විනාඩි 10කට විතර පස්සේ ඌට අයෙත් මැසේජ් එකක් දැම්මා "අද හම්බවෙන්ඩ බැරි උනාට සොරි, වෙන දවසක හම්බ වෙමු " කියලා. ඒ පාර මූ කිව්වා "මචන්, අරූ එන්නේ නෑ වගේ. යමු " කියලා. අපිත් ඉතින් බොරුවට ලොවෙත් නැති එකෙකුට බැන බැන හොරෙන් හිනා වෙවී ආපසු ඉන්ස්ටිටියුට් එකට ආව.  මෙච්චර චාටර් උන එකේ මූට දැන් තේරිලා ඇති කියලා අපි හිතුවට එහෙම නෑ. ඌ තාම ගිලපු ලනුව වමාරගන නෑ. මොනවා කොරන්ඩද? කවුද හිතුවේ මූ මෙච්චර මෝඩ කුකුලෙක් කියලා. කොහොම හරි ඌ ඇත්ත දන ගත්තේ තව සති 2,3කට පස්සේ, ලැජ්ජාව බැරල් ඒකයි. හැබැයි ඉතින් එතකොට නම්...... "මම දැනගෙන හිටියා ඕක බොරුවක් කියලා" එහෙමයි කිව්වේ. :P දන්නෝ දනිති කිව්වලු..
              .(කුකුළා විසින් වැරදිකරුවන් තවමත් සොයමින් සිටි,මේ පිළිබද යමක් දන්නේ නම් වහාම කුකුළා අමතන්න )
Read More

වෙන කොහේ කියලා යන්ඩද?

හදිස්සියේම කොල්ලෙක්ගේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා, හොස්පිටල්.අපේ උන් එදා දවසම උදේ ඉදලම කරේ එහාට මෙහාට දුවපු ඒක. හොස්පිටල් එකට, ටවුන් එකට, මාලිගාවට... වැඩ කෝටියයි. කට්ටියටම පට්ට මහන්සි.
හවස 5ට අන්තිම සැරේටත් ලෙඩාව බලලා ගෙවල් දොරවල් බලා යන්ඩ හිතාගෙන කට්ටියම ගියා හොස්පිටල්. පවුලේ කට්ටියයි යලුවොයි ගොඩක් ලෙඩාගේ ඇද වටේ නිසා අපි ටිකක් එලියට වෙලා හිටිය අපේ යාළුවා තාත්තව බලලා එනකන්, මේ වෙලාවේ එක අන්කල් කෙනෙක් ඇතුලේ ඉදන් අපි හිටපු තැනට ආවා. අපිත් ඉතින් නොර්මල් එකේ හිනාවක් දාලා හිටියා. අන්කල් ටික වෙලාවකින් කුකුළා ලගට කිට්ටු කරා. හෙන බැරෑරුම් මුණක් එහෙම හදාගෙන පොර මෙහෙම ඇහුව " දැන් පුතාල කොහේ යන්ඩද හිතාගෙන ඉන්නේ?", කුකුළා වට පිට නිරීක්ෂණය කරා, අපි දිහත් බැලුවා, නෝ ආන්ස්වර් පස්සේ උගේ තියුණු හොට අගින් මෙහෙම කිව්වා "ගෙදර තමා ඉතින් " අන්කල්  දිය වෙලාම ගියා, අපි හිනාව නවත්තගත්තේ මාර ගේමක් දීල. ඇයි යකෝ අපි වෙන කොහේ යන්නද? කිව්වත් වගේ මේ මහා රෑ වෙලා.  මාර ප්‍රශ්නනේ අප්පා මුන් අහන්නේ, මොනවා  උනත් අන්කල් කිච උනාද අපි කිච උනාද කෙයල තාමත් හිතා ගන්න බැ. කොහොමද කුකුලගේ කෙටිල්ල????? .  :-P
Read More

Saturday, October 20, 2012

'රජ කුකුළා'



අප්පට සිරි,මට කියන්න අමතක උනානේ blog එකට 'රජ කුකුළා'  කියල නමක් දාන්න හේතුව. මොකක් කරන්නත් කලින් නමක් දාගන්න එපා යැයි.නැත්තන් මොකක්දෝ එකක් වගේනේ  නේ.. :-D

පට්ටම පට්ට අමාරු වැඩක තමා නමක් ගැන හිතපු එක. හිතුවා හිතුවා ගොඩාක් හිතුවා, අවේ නැ නේ.....  ????????????????????????.( නමක් හොදේ ). ඔහොම ඉන්නකොට එක පාරටම අපේ set එකේ පොරක් මතක් උනා.වැඩේ ගොඩ.දැම්ම නම. 'රජ කුකුළා'.  

මේ ගමන්ම මගේ යාළුවා ගැන පොඩ්ඩක් කියන්නම්කො.නැත්තම් හිතට හරි නැ වගේ. මු කෙල්ලෝ දැක්කට කතා කරන්නේ නැ ජිවිතේට,බොරු කියන්නේ නැ ජිවිතේට, කෙල්ලෙක් දැක්කත් අහක බලනවා.අම්මප.ඒක හින්ද අපි මුට හුරතලේට කියන්නේ කුකුළා කියල.මොකද මු කොටන්න දන්නෙම නැති හින්දා.
දැන් තේරෙනවනේ මගේ යාළුවා කොච්චර නිහතමානී පොරක්ද කියලා.හී හිහිහි.මේ වගේ නිහතමානී යාලුවෙක්ට පුංචි හරි ගෞරවයක් දක්වන්න එපා යැයි අපිත්.මෙන්න අපගේ උපහාරය..කුක්කු කුඋක් කුඋක්.
සැ.යු (මගේ යාළුවාට ගෞරවයක් පිණිස රජ කුකුළා යන නාමය මෙම බ්ලොග් සටහනට  යොදන ලදී)  


Read More

ආයුබෝවන්ඩ



මුලින්ම ඔන්න ආයුබෝවන්ඩ කියනවා යාලුවෝ හැමෝටම..මං මෙහෙම වැඩකට අත ගැහුව පලවෙනි වතාව.බොරු කෙයන්න ඕනි නැ නේ.මං නම් වැඩිය blog ගැන දන්නෙත් නැ.ඒත් මේ වැඩේට පොඩ්ඩක් අස හිතුනා.මොනවා හරි දෙයක් ඉගනගන්න පුළුවන් වෙයි නේ.
හරි, දැන් කියන්නම් බැරි බැරි ගතේ හරි මේ වැඩේට අත ගහපු හේතුව.මට ඉන්නවා පට්ටම පට්ට යාලුවෝ ටිකක් හැමදාම set වෙන.උන් ටිකනම් මාරයි.සමහර එවුන් දැක්කම අම්ම අප්පා දැක්කා වගේ.ඒත් සමහර එවුන් දැක්කම ,,අප්පොයි .....????????????????????????????.
දැන් තේරෙනවනේ යාලුවනේ මං මේ වැඩේ පටන් ගන්න හේතුව.මෙන්න මේ අපේ set එකේ එවුන් තමා.මුන්  ටිකට පුංචි මඩ පහරක් ගහන්න හදන අහිංසක වැයමක් තමා මේක..හී හී හිහීහි.....හැබැයි ඔන්න සියලුම නම් ගම් මනංකල්පිතයි හරිය.මොනවා උනත් උන් ටික මගෙත් එක්ක දුකේදී නැතත් සැපේදී ලගින ඉන්න එවුන් ටික නේ..
ඔන්න එහෙනම් මං වැඩේ පටන් ගත්තා......... :-P



Read More
]